සියලු පළාත් අතර සංචරණ සීමා පැනවේ

3
Isolated areas in sri lanka today - තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පැවැත්වූ සාකච්ඡාවල ප්‍රථිපලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසනවා.

ඊට අමතරව පිරිස් එක් රැස්වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීම, වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි සංඛ්‍යා සිමා කිරීමට, අසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/