ජංගම දුරකතන ලෝකයේ පෙරළි රැසක් සමගින් Galaxy S24 නිකුත්වේ

0
Galaxy S24

සැම්සුන්ග් සමාගම තම අලුත්ම ස්මාර්ට් ෆෝන් මාදිලිය ලෙස Galaxy S24 series වෙළඳපොළට නිකුත් කළේය.

Galaxy S24, Galaxy S24+, සහ Galaxy S24 Ultra සැම්සුන්ග් හි නවතම ජංගම දුරකතනයි.

Galaxy S24 වෙත නවතම වෙනස්කම් රාශියක් ඇතුළත්ව එළිදක්වා තිබෙනව බව විචාරකයන් පවසයි.

බැලු බැල්මට Galaxy S24 Ultra හා S23 Ultra බෙහෙවින් සමාන වන නමුත්, මෙහි AI හරහා ක්‍රියාත්මක විශේෂාංග රැසකින් සමන්විත වේ.

ජංගම දුරකතන

මේ අතර සැම්සුන්ග් යතුරුපුවරුව භාෂා 13 කින් යුක්ත වන ආකාරයට නිර්මාණය කර තිබේ.

Circle to Search මේ තුළ ඇති විශේෂ අංගයකි. මෙහිදී යම් ඡායාරූපයක ඇති ඕනෑම වස්තුවක් රවුම් කිරීමෙන් Google මගින් එය සෙවීමේ හැකියාව පවති.

ටයිටේනියම් නිමැවුමෙන් එන නවතම දුරකතන ත්‍රිත්වය Samsung ලොලීන්ට විශේෂ අත්දැකීමක් ලබාදෙනු ඇත.

භෞතිකව මෙම නවතම උපාංගයට එක්වන විශාලම වෙනස වන්නේ මෙගා පික්සල් 50 කින් යුත් telephoto camera එකය.

නව උපාංගය Qualcomm’s new Snapdragon 8 Gen 3 ප්‍රොසසර් එකෙන් යුක්ත වීම හේතුවෙන් වේගය ගැන බියවන්න අවශ්‍යතාවක් නොමැත.

5000 mAh බැටරියකින් සමන්විත වන දුරකතනයේ බැටරි ආයු කාලය සාමාන්‍ය අගයට වඩා ඉහළ අගයක් ගනී.

මෙහි DISPLAY අගල් 6.8 වන අතර Corning Gorilla Glass Armor වලින් නිමවා තිබේ.

මෙහි Storage එක 256GB, 512GB සහ 1TB ලෙස මාදිලි 3 කින් මිලදී ගත හැකි අතර RAM එක 12GBවේ.

ගිය වසරේ නිකුත් කළ 23 Ultra දුරකථනයේ සමග සැසදීමේදී Design එකෙහි විශාල වෙනසක් දක්නට නොලැබෙන අතර, මෙය Titanium Black, Titanium Gray, Titanium Violet, Titanium Yellow, Titanium Blue, Titanium Green, Titanium Ora ලෙස වර්ණ මාදිලි 7කින් හදුන්වා දී ඇති බවයි වාර්තා වේ.

මේ වන විටත් සැම්සුන්ග් ලොලීන්ට සැම්සුන්ග් වෙබ් අඩවිය හරහා Pre Oder කිරීමට අවස්ථාව ලබා දී තිබේ.