කොවිඩ් වෛරසය ආසාධනය වී තවත් පුද්ගලයෙක් මිය යයි

0
කොවිඩ් වෛරසය

මහනුවර ජාතික රෝහලේ සිරෝසීස් රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය 65 හැවිරිදි පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.

ගම්පොළ, උලපනේ ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇත.

මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ‘අද දෙරණ’ට සඳහන් කළේ, ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණයකින් තහවුරු වූ බවයි.

මෙවන් පසුබිමක, ඉන්දියාවේ ව්‍යාප්ත වන නව කොවිඩ් වෛරස ප්‍රභේදය පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, එන්නත්කරණය හරහා ඇති වූ ආරක්ෂාව ශරීරය තුළ ඇති බවයි.

එසේම රෝග ලක්ෂණ තිබෙනවා නම්, ප්‍රතිකාර ගත යුතු බව ද ඔහු අවධාරණය කර තිබේ.