
2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 9ක් මේ වන විට අවසන් වී තිබේ.
මේ වන විට A සහ B කාණ්ඩවල පිළිවෙළින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වෙයි.

කෙසේ වෙතත්, අද (සැප්: 17) රාත්‍රී තරගයට පෙර පළමු වටයේ තවත් තරග 3ක් ඉතිරිව ඇති අතර, එම තරගවල ප්‍රතිඵල මත කණ්ඩායම් 4ක් Super Four වටයට සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකාවට Super Four වටයට පිවිසීමට ඇති අවස්ථා මොනවා ද?
B කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව මේ වන විට එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර, තවමත් බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට ද Super Four වටයට පිවිසීමේ අවස්ථාවක් පවතී.
පළමු වටයේ තරග තුන ම පරාජය වූ හොංකොං කණ්ඩායමට Super Four වටයට පිවිසීමේ අවස්ථාවක් නැත.