
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද පැවැති දෙවැනි එක් දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 174 ජයක් හිමි විය.ලකුණු282ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 107ක් පමණි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 174ක ජයක් හිමි විය. පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ 35/4, අසිත ප්‍රනාන්දු 23/3 සහ වනිදු හසරංග 23/3 ලෙස කඩුලු ලබා ගත්හ.ඒ අනුව තරග දෙකකින් යුත් තරගාවලියේ තරග දෙකම ජයග්‍රහණය කර ශ්‍රී ලංකාව තරගාවලියේ ජය ද හිමි කර ගත්තේය.