‘දෙවන පරපුර’ පක්ෂය දෙකඩ වේ

0
‘දෙවන පරපුර’ පක්ෂය

උවිඳු විජේවීර මහතාගේ නායකත්වයෙන් පිහිටන ලද ‘දෙවන පරපුර’ පක්ෂය දෙදරිකට ලක්ව ඇත.

එහි ප්‍රධාන ලේකම් චේතන අබේසිංහ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙවන විට පක්ෂය තුළ අභ්‍යන්තර ගැටළු රාශියක් පවතින බවය.

උවිඳු විජේවීර මහතාගේ පාසල් මිතුරන් සහ ඔහුට පෞද්ගලිකව හිතවත් කම් දරණ පුද්ගලයන් රැසක් පක්ෂයේ ඉහළ තැන්වලට එකතු කර ගැනීමේ සූදානමක් ඇති බවද ඔහු පැවසුවේය.

පක්ෂයේ විශේෂ මහා සභාවක් කැඳවා උවිඳු විජේවීර මහතාට අවශ්‍ය පුද්ගලයන් පමණක් තනතුරුවට පත් කර අන් සියල්ල ඉවත් කිරීමේ කටයුත්තක සිදු වෙමින් ඇති බවද හෙතෙම චෝදනා කළේය.

මේ වන විටත් එම් පක්ෂයේ ජාතික කමිටුවට කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයන් පත්කර ඇති බවද චෝදනා කරන ඔහු නුසුදුස්සන් සියලු දෙනා ඉවත් කර ඊට ගැලපෙන  පුද්ගලයන් පත් කර ගත යුතුය ඇති බවත් පැවසුවේ.