
ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මහතා ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි වාර්තා පල වේ.
ඒ ඔහුගේ පවුලේ සියලු සාමාජිකයන්ද සමඟයි.
ඔහු මෙතෙක් ඒ බව කිසිවකුට දන්වා නැති බවත් සදහන්ය.
කෙසේ වෙතත් තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට නොගිය බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා තමන් තම පෞද්ගලික මුදලින් පෞද්ගලික සංචාරයක නිරත වන බව සදහන් කරයි.
එළැඹෙන පෙබරවාරි 20 වැනිදා ආපසු පැමිණෙන බවද ඔහු කියා සිටී.
මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියකට එක්ව පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු පුද්ගලයා වන්නේ සුගත් තිලකරත්න මහතයි.
මෙරට නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කල සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශාද මේ වන විට ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය බලාපොරොත්තුවෙන් එරට පදිංචි වී සිටී.