වාහන ආනයනය මගින් අපේක්ෂිත ආදායම උපදවා ගැනීමට නොහැකි වුවහොත් වාහන ආනයන බදු සීමාවන් පහළට

0
වාහන ආනයනය

වාහන ආනයනය කිරීම හරහා රජයට රුපියල් බිලියන 600-700ක් බදු මුදල් ප්‍රමාණයක් උපයා ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

නමුත් එම අපේක්ෂිත ආදායම උපදවා ගැනීමට නොහැකි වුවහොත් වාහන ආනයන බදු සීමාවන් පහළ දැමීමට මහ බැංකුවේ අවධානය යොමුව ඇති බවද ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

මේ අතර මෙරට ප්‍රකට පෙලේ වාහන සමාගමක් වාහන ඇනැවුම් කරන පාරිභෝගිකයන්ට විශාල වට්ටම් ලබාදීමට ආරම්භ කර තිබේ.

ඇතැම් වාහන වර්ග සඳහා රුපියල් ලක්ෂ දහය දක්වා වූ ඉහළ වට්ටම් මුදල් ලබාදෙමින් ඇත.

ඊට හේතු වී ඇත්තේ ඔවුනගේ අපේක්ෂිත ආනයනික වාහන ප්‍රමාණයක ඇණැවුම් නොලැබීමයි.

රජය විසින් වාහන මත නව බදු පැනවීමට පෙර ඇණැවුම් රැසක් මෙරට වාහන ආනයනකරුවනට ලැබී තිබුණද බදු පැනවීමත් සමග එම පෙර ඇණැවුම් විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට කටයුතු කර ඇත.

මේ අතර බොහෝ ආනයනකරුවන් වාහන ගෙන්වීමේදී පෙර ඇණැවුම් ලබා ගැනීමට වැඩි කැමැත්තක් පෙන්වමින් ඇති අතර ගෙන්වා අලෙවි කිරීම සදහා නව රෙගුලාසි යටතේ එතරම් උනන්දුවක් නොපෙන්වෙයි.

ත‍්‍රිරෝද රථයක් රුපියල් 1,995,022

මෙරටට පනවා තිබූ වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ති‍්‍රරෝද රථ ආනයනය නැවතත් ආරම්භ කර තිබේ.

මෙරට ප්‍රධානතම ත්‍රිරෝද රථ අලෙවි සමාගම වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම විසින් බජාජ් ත‍්‍රිරෝද රථ ඒ අනුව පෙර ඇනවුම් භාර ගැනීමට ප‍්‍රචාරක දැන්වීම් පල කර ඇත.

ඔවුන්ගේ අලුත්ම අලුත් ත්‍රීරෝද රථයක මිල ගණන් දක්වා ඇත්තේ භාණ්ඩ හා සේවා බද්ධ රහිතව රුපියල් 1,690,678ක් ලෙසයි.

භාණ්ඩ හා සේවා බද්ද එක්වූ විට ත‍්‍රිරෝද රථයක් රුපියල් 1,995,022ක් වෙයි.