
ඇද හැලෙන වැසි තත්ත්වය නිසා මේ වනවිට කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග ගණනාවක අධික රථවාහන තදබදයක් වාර්තා වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවන්නේ අද (ඔක්තෝබර් 17) පස්වරු කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.
මෙම අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව, වයඹ යන පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයට ද බලපෑම් කිරීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම, සඳහන් කළ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.