උතුරේ ප්‍රධාන නගරවල වායු ගුණ තත්වය අහිතකර මට්ටමට

0
වායු ගුණ තත්වය

යාපනය, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්වය අගය ඊයේ (01) පස්වරුවේ අහිතකර මට්ටමට පැමිණ තිබුණි.

ඒ අයහපත් කාලගුණයත් සමග ඉන්දියාව ඇතුළු තදාසන්න රටවල වායු දූෂක, සුළං ඔස්සේ පැමිණ තිබීමෙනි.

ජාත්‍යන්තරව පිළිගත් iqair.com වෙබ් අඩවියට අනුව ඊයේ (01) පස්වරු 3 වනවිට දිවයිනේ ප්‍රධාන නගර 3ක වායු ගුණ තත්ත්ව දර්ශක අගය 151 ඉක්මවා ගොස් තිබුණි.

වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව එහි අගය 151 සිට 200 දක්වා හැඳින්වෙන්නේ අහිතකර තත්ත්වයක් ලෙසය.

ඒ අනුව යාපනය , කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගරවල වායු ගුණ තත්ත්වයේ අගය අද පස්වරුවේ 151 ඉක්මවා ඇත.

වායු ගුණ තත්ත්වය පහත වැටීම සංවේදී පුද්ගලයින්ට ශ්වසන අපහසුතා ඇති කළ හැකි අතර එවැන්නක් ඇතිවුවහොත් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි.