එන්නත් නොගත් සංචාරකයන්ට පැය 72 කට පෙර PCR පරීක්ෂණ කරගන්න අවශ්‍ය නැහැ

0
Asela Gunawardena's statement - එන්නත් නොගත් සංචාරකයන්ට පැය 72 කට පෙර PCR පරීක්ෂණ කරගන්න අවශ්‍ය නැහැ

එන්නත් ලබා නොගත් සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර PCR පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

එසේම සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටියේ.

ඒ අනුව කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 6 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය පමණක් තවදුරටත් වලංගු වනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.