
හිටපු පළාත් සභා මන්ත‍්‍රී වරුණ රාජපක්ෂ මහතා විසින් සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් හෝටල් ජාලයක් හිමි ප්‍රමිෂ්කා විද්‍යාභූෂණ මහත්මිය විසින් ප‍්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව වරුන රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේම ඒ සදහාද සිය නාලිකාවේ ඉඩක් වෙන් කර තිබේ.
තමන වැඩසටහන්වලදී ඉදිරිපත් කරන කරුණු නැවත සෝදිසි කර, තහවුරු කරගෙන ඉදිරිපත් කරන බවත්, තොරතුරු නිවැරදි කිරීමට හෝ ඉවත් කිරීමට කිසිදු බලපෑමකට ප්‍රතිචාර නොදක්වන බවත් පැවසුවද, වරුණ රාජපක්ෂ මහතා යූ ටියුබ් නාලිකාව ඔස්සේ ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රමිෂ්කා විද්‍යාභූෂණ මහත්මිය විසින් කරනු ලැබූ කරුණු දැක්වීමට ප්‍රතිචාර දැක්වීමට තීරණය කර ඇත.
ඊට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ, ඇය තුන්වන පාර්ශවයක් හරහා මැදිහත් නොවී, සෘජුව, විවෘතව සහ කෙළින්ම අදහස් ඉදිරිපත් කිරීමයි. එයට ගරු කිරීමක් හා අගය කිරීමක් ලෙස ඇය ඉදිරිපත් කරන කාරණා ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ප්‍රමිෂ්කා විද්‍යාභූෂණ ඇය සතු හැව්ලොක් සිටි (Havelock City) නිවාස සංකීර්ණයේ ඇති ඇගේ මහල් නිවාස දෙකම කුලියට දෙනු ලැබුවේ හැව්ලොක් සිටි රෙන්ටල්ස් (Havelock City Rentals) හරහා බව ඇය සඳහන් කරයි.
හැව්ලොක් සිටි රෙන්ටල්ස් විසින් කුලී නිවැසියෙකු සොයාගත් විට, ඇය ඔවුන්ව එක් වරක් හමු වන අතර, නීතීඥවරයා විසින් ලේඛන කටයුතු සම්පූර්ණ කරන බව ඇය පවසයි.
තිළිනි පියමාලි හඳුන්වා දුන්නේද හැව්ලොක් සිටි රෙන්ටල්ස් මගින්ය. ප්‍රමිෂ්කා මහත්මිය ඇයව පෞද්ගලිකව කිසිදා හමු වී නොමැති අතර, පසුව දැනගන්නට ලැබී ඇත්තේ ඇය මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ගෙවිය යුතු කුලී මුදල් ඇති බවත්ය.
පසුව, ඇය එක් මහල් නිවාසයක් වසරක් සඳහා විදේශීය කුලී නිවැසියෙකුට කුලියට දුන්නාය. එම කුලී කාලය අවසන් වූ පසු, හැව්ලොක් සිටි රෙන්ටල්ස් නව කුලීකරුවෙකු සොයා ගත්තේය.
CH රග්බි ක්‍රීඩකයෙකු සහ ඔහුගේ සීයා මහල් නිවාසයෙන් පිටතදී හමු ව ඇති අතර මෙය ඔවුන්ව හමු වූ එකම අවස්ථාව බව ඇය පවසයි.
මාස අටකට පමණ පසු, නගර කළමනාකාරීත්වය විසින් ඇයට කතා කර, පොලිසිය සහ මත්ද්‍රව්‍ය ඒකකය මහල් නිවාසයේ සිටින බවත්, කුලී නිවැසියා මත්ද්‍රව්‍ය සමඟ සම්බන්ධ බවත් දැනුම් දී ඇති අතර ඉන් ඇය කම්පනයට පත් වූ බව පවසයි.
මහල් නිවාසය වටලා මුද්‍රා තැබුවද, ඇතුළත කිසිදු අපරාධමය සාක්ෂියක් හමු නොවූ බව ඇය සඳහන් කරයි.
ඇය අධිකරණයට ගොස්, සියලුම නීතිමය ලේඛන, අයිතිය පිළිබඳ ලේඛන සහ බදු නිෂ්කාශන ඉදිරිපත් කළ අතර, විනිසුරුවරයා විසින් යතුරු ඇයට ආපසු ලබා දෙන ලෙස නියෝග කර ඇත.
ඇය අවධාරණය කරන්නේ තමා පිළිබඳව බොහෝ අසාධාරණ මහජන විවේචන සහ වැරදි තොරතුරු පැතිරී ඇති බවත්, මෙම කිසිදු චෝදනාවක් සත්‍ය නොවන බවත්ය.
ඇය පවසන්නේ තමා මෙම පුද්ගලයන්ගේ පසුබිම් නොදැන සිටි බවත්, හැව්ලොක් සිටි රෙන්ටල්ස් සහ තම නීතිඥවරයා හරහා නිසි ලෙස කටයුතු කළ බවත්ය.
ඇය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, හානිකර ප්‍රකාශ පැතිරවීමට පෙර කරුණු පරීක්ෂා කරන ලෙසයි. ඇගේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ඇති මහල් නිවාස දෙක බදු දීමේ හෝ කුලියට දීමේ පරිපාලන වගකීම ඇය විසින් හැව්ලොක් සිටි රෙන්ටල්ස් ආයතනයට පවරා දී තිබූ බවත්, එම ආයතනය විසින් සොයාගත් කුලීකරුවන් දෙදෙනාටම මෙම මහල් නිවාස ලබා දී තිබූ බවත් ඇය පෙන්වා දෙයි.
එම නිසා, මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් පසුව අපරාධමය චෝදනා එල්ල වී ඇති බව දැනගත් විට, ඇය ඒ පිළිබඳව වගකීමක් නොදරන බව ඇය සඳහන් කළාය.
වරැණ රාජපඣෂ මහතා සඳහන් කරන්නේ, තිළිනි පියමාලී සහ අනෙකුත් පුද්ගලයා (රග්බි ක්‍රීඩකයා) සම්බන්ධයෙන් සහ මාලිගාකන්ද අධිකරණයේ තිබූ කරුණ සම්බන්ධයෙන් තමන් මුලින් ඉදිරිපත් කළ කරුණු නිවැරදි බවයි.
කෙසේ වෙතත්, ප්‍රමිෂ්කා මහත්මිය පවසන පරිදි, එම පරිපාලන කටයුතු ඇය විසින් නොව හැව්ලොක් සිටි රෙන්ටල්ස් ආයතනය විසින් සිදුකර ඇති අතර, ඇයගේ පැහැදිලි කිරීම ඉදිරිපත් කිරීම තම වගකීම බවද වැඩසටහන් හෙතම පැහැදිලි කරයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් මැදිහත්වීම මෙතැනින් අවසන් වන බවද, කරුණු නිවැරදිව තේරුම් ගැනීම සහ වැඩිදුරටත් සොයා බැලීම ප්‍රේක්ෂකයාට සහ රාජ්‍ය පාර්ශවයට භාර බවද ඒ් මහතා සඳහන් කරයි.