ප්‍රසිද්ධ කොරියානු ගායිකා Park Bo Ram අබිරහස් ලෙස මියයයි.

0
කොරියානු ගායිකා , Park Bo Ram

ප්‍රසිද්ධ කොරියානු ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබේ.

30 හැවිරිදි පාර්ක් බෝරම් මිය යාමට පැය කිහිපයකට පෙර සිය මිතුරන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වී ඇති අතර ඇය එහිදී මත්පැන් පානය කර තිබිණි.

පසුව ඇය එම නිවසේ නාන කාමරයට ගොස් ඇති අතර, දිගු වෙලාවක් යන තුරු නැවත නොපැමිණීම හේතුවෙන් මිතුරියන් ඇය ගැන සෝදිසි කර ඇත.

එහිදී පාර්ක් බෝරම් සිහිසුන්ව ඇද වැටී සිටින අයුරු මිතුරියන් දැක ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් ඇයගේ මරණයට නිශ්චිත හේතුවක් තවමත් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇයගේ නියෝජිතායතනය වන XANADU එන්ටර්ටේන්මන්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ඇයගේ හදිසි වියෝව ලොව වටා ඇයගේ රසික රසිකාවියන් මහත් දුකට සහ කම්පාවට පත් කර ඇති බවය.

2010 වසරේ දී දකුණු කොරියාවේ පැවත්වූ සුපර් ස්ටාර් K2 තරගයට සහභාගි වූ පාර්ක් බෝරම් සිය දක්ෂතාවයන්ගෙන් ප්‍රේක්ෂකයින් විශ්මයට පත් කළාය.

පසුව ඇය 2014 වසරේ දී  “Beautiful” නම් ගීතය එළිදක්වමින් පොප් සංගීත ක්ෂේත්‍රයට ඇතුළු වුණි.

එතැන් සිට අද දක්වා පැමිණි සංගීත ජීවිතය තුළ බෝරම් සම්මාන කිහිපක් දිනා ගැනීමට සමත්වූවා පමණක් නොව, ඇය නව ගීතයක් ද එළිදැක්වීමට සුදානමින් සිටියාය.

ඒ ඇගේ සංගීත ජීවිතයේ 10 වන සංවත්සරය වෙනුවෙන් වීම ද විශේෂත්වයකි