නයන්තාරාට එරෙහිව නඩු පවරයි

0
නයන්තාරාට එරෙහිව

ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබේ.

ඒ ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන ‘Annapoorani’ හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් මෙලෙස ඇයට එරෙහිව නඩු පවරා තිබේ.

මෙහිදී නයන්තාරා ඇතුළුව 7කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

ඒ අනුව ‘Annapoorani’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Nilesh Krishnaa, නිෂ්පාදකයින් වන Jatin Sethi සහ R Ravindran සහ Netflix India හි ප්‍රධානීMonika Shergill ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුටය.

මෙම චිත්‍රපටය 2023 වසරේ දෙසැම්බර් මස පළමු වනදා ප්‍රදර්ශනය ආරම්භ කළ අතර දෙසැම්බර් 29 වනදායින් පසුව එය Netflix ප්‍රදර්ශනය ආරම්භ කළේය.

කෙසේ වෙතත් පොලිසියට ලද පැමිණිලි හමුවේ එය තාවකාලිකව ඉන් ඉවත්කර තිබේ.

එහි අධ්‍යක්ෂවරයා දැනුම්දී ඇත්තේ ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රකාශ ඉවත්කිරීමෙන් අනතුරුව එය නැවත ප්‍රදර්ශනය සිදුකරන බවය.