ජනපති රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ ව්‍යාපාරය අරභමින් දින 5 ක් රටවටා ගිය රනිල්ට ඉඩදෙමු යතුරුපැදි සවාරිය අද කොළඹින් නිමාවෙයි.

0
රනිල්ට ඉඩදෙමු

රනිල්ට ඉඩදෙමු නමින් Global Mind නැමති සංවිධානය විසින් රටවටා ගිය යතුරුපැදි සවාරිය අද (01) මැයි දිනය දා එජාප මැයි දිනයට එක්වී නිමා කිරීමට නියමිතයි.

පසුගිය මස 27 වැනිදා කොළඹ ගංගාරාම පන්සල වැඳපුදා ගනිමින් ගමන් ආරම්භ කල රනිල්ට ඉඩදෙමු තේමාව රැගත් යතුරුපැදි සවාරිය පළමු දිනයේ නවාතැන වන අහංගම නගරය බලා පිටත්වන අතරමැද දෙහිවල , පානදුර , කලුතර , බෙන්තර , අම්බලන්ගොඩ , ගාල්ල ඇතුලු නගර ආශ්‍රිතව පිලිගැනීම් උත්සවද මග දෙපස ජනතාවගේ සුබපැතුම් දිරිගැන්වීම් සහභාගීවීම් සමගින් අහංගම නගරයට පැමිණුනා. 28 වැනිදින අහංගමින් ගමන් ආරම්භ කර කතරගම දක්වාද , තෙවන දිනයේ කතරගම සිට එරාවූර් දක්වාද , සිවුවැනි දිනයේ එරාවූර් සිට කෑගල්ල දක්වාද යතුරුපැදි සවාරිය පැමිණි අතර එම සෑම ප්‍රධාන උප නගරයකින්ම පාහේ යතුරුපැදි කණ්ඩායම් වශයෙන් මෙම යතුරුපැදි සවාරියට එක්වීම දක්නට ලැබුනා.

රනිල්ට ඉඩදෙමු

ආරක්ෂක අංශවල සීමාකිරීම් හමුවේ පෙළපාලිය යම් යම් අවස්ථාවල සීමාකිරීම් සිදුකලත් රැළිය පුරාවටම සැලකියයුතු යතුරුපැදි ප්‍රමාණයක් Global Mind සංවිධානයේ ටී ශර්ට් සහ රනිල්ට ඉඩදෙමු යනුවෙන් සඳහන් ජැකට් පැළඳ අදාල යතුරුපැදි රැළියට එක්ව සිටිනු දක්නට ලැබුනා. පස්වන දිනය වන අද (01) කෑගල්ල සිට කොළඹ නගරයට විශාල යතුරුපැදිකරුවන් කණ්ඩායමක් සමගින් මෙම යතුරුපැදි සවාරිය ලඟාවීමට නියමිතයි.

රනිල්ට ඉඩදෙමු

ජනාධිපති උපදේශක එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අනුශාෂකත්වයෙන් , බුද්ධික ඩයස් , චාමිකා , ෆෙරෝස් , නදීරා මඩුගල්ලේ , දිනේශ් රවිචන්ද්‍රරාජා , හැරිස් කිරිඇල්ල , නෆාර් ප්‍රමුඛ කොටගත් ආදි එජාප යොවුන් පෙරමුණු සාමාජිකයින්දවන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහය මහතා කිසිදින තනි නොකල කණ්ඩායමක් සංවිධානය කර සාර්ථකව අවසන් කිරීමට නියමිත මෙම යතුරුපැදි සවාරිය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුමේ ආරම්භය බවට එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග Newsweb.lk වෙත අනාවරණය කලා.