කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහලම අගය වාර්ථා කරයි

0
කොළඹ කොටස් වෙළෙඳපොළ
business graph charts of financial concept.Stock market exchange trading graph analysis investment indicator

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (12) දිනයේ දී ඒකක 14,000 සීමාවට ගොස් තිබෙනවා

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ .

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් දක්වා තිබෙනවා .

අද දින රු. බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක් .