රජයට විපක්ෂයේ 10-15 දෙනකු පමණ සහාය දීමට සූදානම්

0
රජයට විපක්ෂයේ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතා සඳහා සහාය දීමට අදාල නීති රීති සහිත පනත් කෙටුම්පතට විපක්ෂයේ  10-15 දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි සතියේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා සහාය දෙන ලෙස ජනාධිපතිවරයා පසුගිය මැයි දින රැලියේදීද පාර්ලිමේන්තුවේ සියලු දෙනාට ආරාධනා කළේය.

කෙසේ වෙතත් පක්ෂය මේ සඳහා විරුද්ධ වුවද ඊට සහාය ලබාදීම සඳහා විපක්ෂයේ මධ්‍යවරුන් සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා ද පැවැත්වී ඇත.

එම මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගද මේ පිලිබදව සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා වෙයි.

සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් – පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස

ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර මම ප්‍රකාශයට පත් කළ කළායින් පසු ඔහුට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

සති අන්ත මව්බිම පුවත්පත වෙත ඔහු සඳහන් කර ඇත්තේ එම මන්ත්‍රීවරුන් තම අඩිය පස්සට ගෙන කටයුතු කරන්නේ තවමත් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ස්ථිරව නම් ප්‍රකාශයට පත් කර නැති නිසා බවය.

ඉදිර කාලයේදී තවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක්ම වික්‍රමසිංහ මහතාට සහාය දීමට එක්කනු ඇති බවද නිමල් පියතිස්ස මහතා තවදුරටත් සඳහන් කර ඇත.