අලුතින් ඉඩම් බද්දක් එයි

0
ඉඩම් බද්දක්

ඉදිරි කාලයේදී රජය විසින් අලුතින් ඉඩම් බද්දක් පනවනු ඇතැයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම බද්ද පනවනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයේ ආදායම් වැඩි කරන ලෙස ලබාදුන් උපදෙස් පරිදිය.

රට පුරා ඇති ඉඩම්වල වටිනාකම තක්සේරු කර ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ මෙම බද්ද අයකිරීම රජයේ සැලසුම බව දැනගන්නට තිබේ. මෙම බද්ද අයකරන ක්‍රමවේදය පිළිබඳව රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවද වාර්තා වෙයි. එහෙත් ඉදිරි මුදල් වසරේදී ඉඩම් බද්ද ක්‍රියාත්මක වනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.