ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමවලට අනුව 1 ෆින්ලන්තය. අපි ඉන්නා තැන මෙන්න.

0
ප්‍රීතිමත්ම රටවල්

ලොව ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමවලට අනුව අඛණ්ඩව 7වැනි වරටත් ෆින්ලන්තය පළමු ස්ථානයට පත්ව ඇත.

මෙම වාර්තාවට අනුව දෙවන ස්ථානය ඩෙන්මාර්කයට හිමිව ඇති අතර තුන්වන ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබේ.

අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 128වන ස්ථානයයි.

එසේම පළමු වරට බ්‍රිතාන්‍යය සහ ජර්මනිය මෙහි පළමු 20 න් ඉවත්ව ඇත. ඔවුන්ගේ ස්ථානය පිළිවෙළින් 12 සහ 13 ලෙස කොස්ටාරිකාව සහ කුවේටය ලබා ගෙන ඇතැයි සදහන් වේ.

මෙම වාර්තාවේ අවසන් ස්ථානයේ රැදී සිටින්නේ 2020වසරේ සිට තලෙයිබාන් පාලනයට නතුව පවතින මානුෂීය ව්‍යසනයකින් පීඩා විඳි ඇෆ්ගනිස්ථානයයි.

රටවල් 143ක වෙසෙන පුද්ගලයන්ගේ ප්‍රතිචාර භාවිතා කරමින් සකස් කර ඇති මෙම වාර්තාව වයස් කාණ්ඩ අනුව වෙන වෙනම ශ්‍රේණිගත කර ඇත. මේ සදහා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, නිදහස, ත්‍යාගශීලීභාවය සහ දූෂණය වැනි සාධක සැලකිල්ලට යොමු කර තිබේ.