බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසියෙන් වෙඩි

0
සැමියකු පාලනය කිරීම

වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තැබිය.

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි .

තුවාල ලැබූ පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදු කරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් ඇති බව සඳහන්වේ . එහිදී සැකකරු වීදුරු බෝතලයක් කඩා බිරිඳගේ ගෙලට පහරදී ඇති අතර, එම ප්‍රහාරයෙන් ඇය බරපතළ තුවාල ලබා ඇති බව සඳහන්වේ.

පසුව පොලිසිය සමග ඇති වූ කතාබහකින් පසු ඔහුව පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර, එහිදී සැකකරු පාලනය කරගැනීමට නොහැකිව ඇති බව සඳහන්වේ.

පසුව පොලිසිය වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර සැකකරු පාලනය කළේය.