මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් විජේදාසත් සමග නිදහස් පක්ෂ මූලස්ථානය අල්ලන්න එයි. දුමින්ද ලසන්ත සමග ඒ සෙල්ලම් බැරිවෙයි

0
නිදහස් පක්ෂ මූලස්ථානය

මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් මීට ස්වල්ප වේලාවකට පෙර ඇතිවිය.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසුව එම පිරිස මෙසේ ඇතුල්වීමට උත්සාහ දරා ඇත.

ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ හෙක්ටර් බෙත්මගේ සාරතීදුෂ්මන්ත ඇතුළු කණ්ඩායමක් කාර්යාලය අසලට මෙසේ පැමිණ සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම පිළි නොගන්නා බව  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

පක්ෂයේ  සාමාජිකයකු වත් නොවන පුද්ගලයකු වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීමට කිසිම නීතිමය හැකියාවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.  ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කීය.