මාලිමාව මං බලන්නම් ඔයගොල්ලෝ සජබ ගැන බලන්න – ජනපති

0
මාලිමාව

‘මාලිමාව මං බලන්නම් ඔයගොල්ලෝ සජබ ගැන බලන්න’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිරිසට පවසා ඇති බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය පිළිබඳව එම මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයාගෙන් විමසූ අවස්ථා කිහිපයකදී මෙම පිළිතුර ලබාදී තිබේ.

ජාතික ජන බලවේගය අසීරුතාවයට පත්වෙන කිසියම් දේශපාන තුරුම්පු කිහිපයක් ජනාධිපතිවරයා සතුව ඇති දැයි මෙම මන්ත්‍රී පිරිස සැක පල කරන අතර ඇතැම් විට යම් කිසි වීඩියෝ හෝ හඬ පට මේ අතර විය හැකි බවත් සාකච්ඡාවෙමින් ඇත.