පිත්ත ලකුණු මැශිමක් වී වාර්ථා පිට වාර්ථා නම ඉදිරියෙන් ලියැවෙද්දී ළඟදීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන චමරි අතපත්තු

0
චමරි අතපත්තු

තමන් ළඟදීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසූවාය.

පසුගිය දා දකුණු අප්‍රිකාවට එරෙහිව ලද වාර්තාගත එක්දින ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය පැවුසවේ ලබන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේදී තම කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම සිය ඉලක්කය බවයි.

එහිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වැඩිදුරටත් මෙලෙස පැවසීය,

“ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට මේ ජයග්‍රහණය මට ඇත්තෙන්ම වැදගත්, මොකද මට දැන් වයස අවුරුදු 34ක් වෙනවා. මම ඉන්නේ මගේ ක්‍රීඩා ජීවිතයේ අවසන් අදියරේ. මගේ කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දකින්නයි මට ඕන. පසුගිය අවුරුදු 15ක දුෂ්කර කාලය තුළ පුද්ගලකෙු වශයෙන් මෙන්ම ක්‍රීඩිකාවක් ලෙස ජයග්‍රහණ කිහිපයක්ම අත්කරගත්තා. නමුත් කණ්ඩායම් නායිකාව ලෙස මට තවත් දේ කරන්න තියෙනවා. මේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තමයි සමුගැනීමට පෙර මගේ ඉලක්කය.”