සිපෙට්කෝ වැඩ වර්ජනයක තෙල් බවුසර් හිරවෙයි

0

ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති රැසක් මේ වන විට රාජකාරිවලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.

මෙම නිල නොවන වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන බවුසර්වලට ඉන්ධන පැටවීම ද නතර වී ඇති බවත් ඒ හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් වෘත්තිය සමිති පවසයි.

මෙම සත්‍යග්‍රහයට විධායක නිලධාරීන්ගේ වෘත්තිය සමිති හැර සියලු වෘත්තිය සමිති එක්ව සිටී.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛණිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජේගුණරත්න මහතා පැවුසුවේ,  ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව  අද දිනයේදී සාකච්ඡා කර තීරණයකට එළැබෙන බවයි.

ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික සමාගම්වලට ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජගත් විජේගුණරත්න මහතා පැවසීය .