OnMaxDT ( ඔන් මැක්ස් ඩී.ටී ) පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කල අයට යලි ගෙවන්න වැඩපිලිවෙලක් සැකසේ

0
මුදල් ආයෝජන ඔන් මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන

ඔන් මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන ක්‍රමයේ මුදල් ආයෝජනය කොට අගතියට පත්වී ඇති තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (මැයි 02 වැනිදා) අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදා හැර සිටින ඔන් මැක්ස් සමාගමේ අධ්‍යක්ෂවරු හතර දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මුදල් ආයෝජන ඔන් මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන OnMaxDT

පැමිණිලි 345 ක්..

මේ ගැන විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව පැමිණිලි 345 පමණ ලැබී තිබෙන බව සඳහන් කළහ.

ඊට අමතරව සිද්ධියට පුද්ගලයින් ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔවුන්ගෙන් හය දෙනෙකු විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ පුද්ගලයින් හය දෙනා විදේශගතවීම වළක්වාලමින් නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර අධ්‍යක්ෂවරයකුගේ භාරයේ තිබී ඕන් මැක්ස් පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළ ලේඛන සොයාගෙන තිබෙන බවත් ඒවා රජයේ සැකකටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමද පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාල ලේඛන රජයේ සැක කටයුතු අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.

මුදල් ආයෝජන ඔන් මැක්ස් ඩී.ටී පිරමීඩ ආයෝජන OnMaxDT

මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙලක් සකස් කළ හැකිද?

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විත්තියේ නීතිඥවරු අමතා අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට හැකියාවක් තිබේදැයි විමසුවේය.

ඊට පිළිතුරු දුන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ අනුර මැද්දෙගොඩ යන සඳහන් කර සිටියේ තම සේවා දායකයින්ට අයත් බැංකු ගිණුම්, නිශ්චල හා චංචල දේපළ සියල්ල අධිකරණය විසින් තහනමට ලක් කොට ඇති නිසා එම මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව ය.

අදාළ තහනම ඉවත් කරන්නේ නම් මාස හයක් තුළ සියලු තැන්පතු මුදල් ආපසු ගෙවීමට හැකියාව තිබෙන බවත් විත්තියේ නීතිඥවරු පෙන්වා දුන්නහ.

එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයට දැනුම් දුන්නේ අගතියට පත් තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීමේ විදිමත් සැලැස්මක් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

එම මුදල් ආපසු ගෙවීමේ සැලැස්ම අධ්‍යයනය කොට එය ක්‍රියාත්මක කළ හැකි මට්ටමක පවතින්නේ නම් මහ බකුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දැනට පනවා තිබෙන බැංකු ගිණුම් හා දේපළ සම්බන්ධ තහනම ඉවත් කිරීමට තිබෙන හැකියාව සොයා බලන බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

BBC News