OnmaxDT, MTFE පසුපස තවත් පිරමිඩ් ජාවාරමක ගිණුම් වලට හතර වටෙන් සල්ලි එයි

0
OnmaxDT, MTFE

ආන්දෝලාත්මක පිරමීඩ ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වන OnmaxDT, MTFE ආයතන දෙක සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගින් ක්‍රියාත්මක වන පසුබිමක තවත් පිරමීඩ සමාගමක් සිය මෙහෙයුම් මෙරට තුළ ආරම්භ කර තිබේ.

සමාජ ජාල ඔස්සේ එම සමාගම විසින් පුද්ගලයන් පොලඹවන ආකාරය මේ දිනවල නිරීක්ෂණය කළ හැකිය.

බිට්කොයින් ආසන්න නමක් ද ඇතුළු කරමින් ඔවුන් මෙම ජාවාරමට පිවිසෙන ආකාරයක් නිරීක්ෂණය වෙයි.

මේ වන විට OnmaxDt සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර MTFE ප්‍රධානින් පස් දෙනකුට එරෙහිව රටින් පිටවීමට වාරණ නියෝග නිකුත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් දැනුම් දී ඇත්තේ පිරමීඩ හැඩ ගත් ජාවාරම් සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

විශාල ලාභ දෙන බව පවසමින් සිදුකරන ආයෝජන ක්‍රම සම්බන්ධයෙන් ප‍්‍රවේශමෙන් කටයුතු කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී.