අනේ දරුවනේ අප පාරට වැටුණේ කවා පොවා දැඩි කළ හින්දද පුතුනේ

0
අප පාරට වැටුණේ

වයෝවෘද්ධ දෙමාපිය යුවලක් කිසියම් තැනැත්තෙකු විසින් වැල්ලම්පිටිය හන්දියට ගෙනවිත් දමා තිබේ.

මෙම වයෝවෘද්ධ දෙමාපිය යුවල ඉතා අසරණ තෙදිනක් තිස්සේ එහි කඩ පිළක වැටී සිටිනු දක්නට ලැබේ.

තමන්ගේ කටයුතු පවා කර ගත නොහැකි තරම් දුර්වල එම දෙමාපිය යුවළ තමන් මෙහි ගෙනැවිත් දමා ගිය දරුවන්ගේ නමක් හෝ අන් කිසිවක් කියා ඔවුන්ගේ ගරුවත්වයට හානි කිරීමට පවා අකමැති අතර තමන් පදිංචිව සිටියේ හොරණ ප්‍රදේශයේ බව පමණක් ඔවුහු පවසති.

ප්‍රදේශවාසීන් දෙන දෙයක් අහාර ලෙස ගෙන සිටින මෙම දෙමාපිය යුවළ ඉතා අසරණව එම කඩපිලේ වැටී සිටි.

(ලංකාදීප පුවත්පත ඇසුරිනි)