බිළිඳියකගේ මල සිරුරක් ඔයකින් හමුවෙයි

0

කෙසෙල්ගමු ඔයේ තිබී හමුවූ බිලිඳියකගේ මළ සිරුර

බගවන්තලාව – මහඑළිය රක්ෂිතයේ සිට කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබී අලුත උපන් හෝ ගබ්සා කරන ලද බවට සැකකෙරෙන බිලිඳියකගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

ඒ, බගවන්තලාව – ලොයිනොන් වතු යායේ දෙමළ මහා විදුහල අසල බිලිඳු මළ සිරුරක් ඇති බවට වතු කම්කරුවන් බගවන්තලාව පොලීසියට කළ දැනුම්දීමත් සමඟයි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මළ සිරුර දින 3කට පමණ ඉහත දී ප්‍රසූත කළ හෝ ගබ්සා කළ බිලිඳියකගේ බවටයි පොලීසිය සැක පළ කරන්නේ.