Smart Youth අවුරුද්ද , එකම වෙලාවට එකම දවසක අවුරුදු උත්සව 340ක්

0
Smart Youth අවුරුද්ද

එකම වෙලාවට එකම දවසක එනම් පසුගිය අප්‍රේල් 27 වන දා  රට පුරා සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි අවුරුදු උත්සව 340ක් පැවැත්වීමට ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්නගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා තරුණ සේවා සභා මණ්ඩලයට හැකි වුනා. 

ඒ් Smart අවුරුද්දක් සමරන Smart Youth අවුරුද්ද යන නමින්. 

ඒ් අනුව අති සාර්ථක අන්දමින් පැවැත්වූ මෙම අවුරුදු උත්සව 340 සදහා අති විශාල ජනකායක් සහභාගී වී සිටි අතර එහි අවසන් අවුරුදු උළෙල Smart Youth අවුරුදු උත්සවය ලෙස පසුගිය අප්‍රේල් මස 28 වන දා 20,000කට අධීක නන් දෙසින් ආ එත් වූ පිරිස සමගින්, ශ්‍රී ලංකා තාරුණ්‍යයේ මහගෙදර වූ මහරගම පිහිටි තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේ දී ඉතා සාර්ථක අන්දමින් පැවුත්වුනා. 

ඒ් සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩා හා යෞවන කටයුතු සංචාරක හා ඉඩකඩම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු අමාත්‍යතුමන්ය.

මීට අමතරම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජගත් කුමාර මැතිතුමන්ද, ජාතික යෞවන සේනාංකයේ සභාපති ගරු චතුරංග මහත්මාද, ජාතික කරුණ සේවා සභා සාමාජිකයින්, සභා අධ්‍යක්ෂවරුන් හා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ඇතුළු සියලූම නිලධාරී මහත්ම මහත්මීන් ද මෙම උත්සවය සදහා එක්ව සිටියා. 

එමෙන්ම ‍ඊ‌ට සමගාමීව ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිවරාගනිමින් අති දැවැන්ත වේදිකාවක Smart Youth Night ප්‍රසංගයද එදිනම අති සාර්ථක අන්දමින් පැවැත්වුන අතර තරුණයින්ට එය නොමිලේම නැරඹීමටද අවස්ථාව ලබා දී තිබුනා.. 

වර්ථමාන ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ පාලන කාලයේදී ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාවේ සභාපති ධුරයට පත් වූ පසිදු ගුණරත්න මහතාගේ සංකල්ප හේතුවෙන් තාරණ්‍යයට සැබෑ වෙනසක් ඇති වී ඇති බව මෙහි සිටි බොහෝ දෙනාගේ කතාබහට ලක් විය. 

ඉතින් ඔබත් තාරුණ්‍යයට ගැළපෙන පරිදි ඩිජිටල් කරනයට ලක් වූ Smart Youth ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සභාවේ Smart Youth Club එක සමග එක්වීමට කැමතිනම් පහත සදහන්  Link එක Click කරන්න.  – https://forms.office.com/r/e30yG9EwkK