මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක ජාතික ජනබලවේගයේ ඉත්තෙක් ? නිර්නාමික ලිපියක් ජනාධිපති ලේකම් කාර්‍යාලයට

0
සමන් රත්නායක

වර්ථමාන මැතිවරණ කොමිසමේ සභාපති සමන් රත්නායක මහතා තම ධූරයෙහි ප්‍රධාන වගකීම වන ස්වාධීන භාවය කෙලෙසමින් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට පක්ෂක්ග්‍රාහීව ක්‍රියාත්මක වෙමින් තීන්දු තීරණ ගන්නා බවට සඳහන් නිර්නාමික ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් වරයා , සියළු දේශපාලන පක්ෂ මහලේකම් වරුන් වෙත පිටපත් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකරන ලද ලිපියක් ජනාධිපති ලේකම්  කාර්‍යාලයට ලැබී තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන අන්දමට මැතිවරණ කොමිසමේම සේවයෙහි නියුතු නිලධාරියෙකු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකොට ඇති අදාල ලිපිය හරහා කරුණු හෙළිකිරීමට ප්‍රථම විවිධ පාර්ශව හරහා ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත මේ අන්දමේම පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවද ජනාධිපති ලේකම් කාර්‍යාල අභ්‍යන්තර ආරන්චි මාර්ග අනාවරණය කරනවා.

පළාත් පාළන මැතිවරණ සමයේ රජයේ මුද්‍රණ දෙපාර්ථමේන්තුව හරහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සම්බන්ධ ගැටලුකාරී අවස්ථාවේ සිට ජාතික ජනබලවේගයට පක්ෂපාතී බවක් දක්වමින් ප්‍රසිද්ධියේ අදහස් පල කිරීමටද, තම ආයතනය තුල ජාතික ජනබලවේගයේ සාමාජිකයින්ට වඩා පක්ෂපාතී ලෙස කටයුතු කරනු ලබන බවටද මැතිවරණ කොමිසමේ රාජකාරියෙහි නිරථ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ජනාධිපති වරයා අග්‍රාමාත්‍යවරයා  වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අණාවරනය කරනවා.

මේ සම්බන්ධව ඉදිරික්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණයක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සනාත කරනවා

ජනාධිපති ලේකම් කාර්‍යාලයට යොමුකර තිබූ අදාල නිර්ණාමික ලිපිය පහලින්

සමන් රත්නායක