ලොව ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය අද (29)

0
අවසන් ලෝක කුසලාන තරගාවලිය

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය අද (ජුනි 29 වැනිදා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.

අර්ධ අවසන් වටයේදී එංගලන්තය පරාජය කරමින් ඉන්දියාවත්, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකාවත් විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීය.

අද පැවැත්වෙන අවසන් මහ තරගය ක්‍රිකට් ලොව ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වනු ඇත.

මීළඟ T20 ලෝක කුසලාන තරගාවලිය 2026 වසරේදී සහ පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලිය 2027 වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ.

රෝහිත් සහ විරාට් ගේ අවසන් ලෝක කුසලාන තරගාවලියද ?

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ සුපිරි පිතිකරු විරාට් කෝලි ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය වනු ඇති බවට බොහෝ මත පළවී තිබේ.

මේ වන විට 37 වන වියේ පසුවන රෝහිත් ෂර්මා සහ 36 වන වියට පාතබමින් සිටින විරාට් කෝලි නැවත වරක් ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් බලා සිටිය යුතුය.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔවුන් දෙදෙනාම එක්දින සහ විස්සයි 20 ක්‍රීඩාවෙන් සමුගැනීමට ඉඩ ඇති බවය.

ඉන්දීය ක්‍රිකට් පිටියෙන් ලොවට බිහිවූ සුපිරිම පිතිකරුවා වන සචින් තෙන්දුල්කාර් සමග එකට ක්‍රීඩා කිරීමට රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි වාසනාවන්ත විය.

2011 වසරේ පැවති පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ සචින් තෙන්දුල්කාර් වෙනුවෙන් ලෝක කුසලානය ජය ගත යුතු බවට ඉන්දීය කණ්ඩායමේ ස්ථිර අධිෂ්ඨානය වී තිබු අතර එය ඔවුන්ගේ නිල නොලත් උද්ධෘත පාඨය වී තිබුණේය.

ඒ අනුව අද (ජුනි මස 29) දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි වෙනුවෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව ප්‍රබල සටනක් ලබා දෙනු ඇත.

බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔවුන් දෙදෙනාම එක්දින සහ විස්සයි 20 ක්‍රීඩාවෙන් සමුගැනීමට ඉඩ ඇති බවය.
බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව රෝහිත් ෂර්මා සහ සුපිරි පිතිකරු විරාට් කෝලි එක්දින සහ විස්සයි 20 ක්‍රීඩාවෙන් සමුගැනීමට ඉඩ ඇති බවය

ටෙස්ට් ශතක 29ක්, එක්දින ශතක 50ක් සහ විස්සයි 20 තරග වලදී එක් ශතකයක් වාර්තා කර ඇති විරාට් කෝලි මේ වන විට ජාත්‍යන්තර පිටියේ දී රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 33,718ක්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 19,068ක් රැස් කර ගෙන සිටින රෝහිත් ෂර්මා ටෙස්ට් ශතක 12ක්, එක්දින ශතක 31ක් සහ විස්සයි 20 ශතක 05ක් රැස් කිරීමට සමත්ව ඇත.

ඩේවිඩ් වෝනර්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් වෝනර් මෙවර ලෝක කුසලාන තරගාවලියත් සමග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය.

2024 වසරේ ආරම්භයදී එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ඩේවිඩ් වෝනර් නිවේදනය කළ වෝනර් මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියත් සමග සිය විශ්‍රාම යෑම නිවේදනය කළේය.

2022 වසරේ පැවති විස්සයි 20 ලෝක ශුරතාවලිය, 2023 වසරේ ලෝක ටෙස්ට් ශුරතාවලිය මෙන්ම 2015 සහ 2023 වසරේ දී පැවති ලෝක කුසලාන පන්දු වාර 50 ශුරතාවයන් දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් නිත්‍ය සාමාජිකයෙක් විය.

ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 18,995ක් රැස් කර ගෙන සිටින ඩේවිඩ් වෝනර් ටෙස්ට් ශතක 26ක්, එක්දින ශතක 22ක් සහ විස්සයි 20 තරග වලදී ශතකයක් රැස් කිරීමට සමත්වූ දක්ෂ පිතිකරුවෙකු වේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් වෝනර් මෙවර ලෝක කුසලාන තරගාවලියත් සමග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් වෝනර් මෙවර ලෝක කුසලාන තරගාවලියත් සමග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය

ට්‍රෙන්ට් බොල්ට්

නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන 34 හැවිරිදි වමතින් වේග පන්දු යවන ට්‍රෙන්ට් බොල්ට් විස්සයි 20 පිටියේ තමන් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය වන බව නිවේදනය කළේය.

ට්‍රෙන්ට් බොල්ට් මෙතෙක් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලෝකයට බිහිවූ දක්ෂ තුන් ඉරියවු ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට 37 වන වියේ පසුවේ.

2014 වසරේදී විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් නිත්‍ය සාමාජිකයෙකු විය.

මැතිව්ස් මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී ලකුණු 14,940ක් රැස් කිරීමට සමත්ව තිබේ.

ඔහු ටෙස්ට් තරග වලදී ශතක 16ක් සහ එක්දින තරග වලදී ශතක 3ක් රැස් කිරීමට සමත්ව තිබේ.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඇන්ජලෝ මැතිව්ස් ගේද අවසාන ලෝක කුසලාන තරගාවලිය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඇන්ජලෝ මැතිව්ස් ගේද අවසාන ලෝක කුසලාන තරගාවලිය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ෂකිබ් අල් හසන්

බංගලාදේශ කණ්ඩායමේ හිටපු නායකයා මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂකිබ් අල් හසන් මේ වන විට 37 වන හැවිරිදි වියේ පසුවේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ලකුණු 18,508ක් රැස් කර ඇති ෂකිබ් අල් හසන් ටෙස්ට් තරග වලදී ශතක 05ක් සහ එක්දින තරග වලදි ශතක 9ක් රැස් කිරීමට සමත්ව තිබේ.

ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරග වලදී අර්ධ ශතක 100ක් රැස් කර ගෙන ඇති අතර දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 709කි.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ෂකිබ් අල් හසන් ක්‍රීඩා කරන තම අවසන් ලෝක කුසලාන තරගාවලිය වීමට ඉඩ ඇත.

ඇන්ඩ්‍රේ රසල්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ඇන්ඩ්‍රේ රසල් මේ වන විට 36 හැවිරිදී වියේ පසුවේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 2069ක් සහ කඩුලු 131ක් දවා ගෙන ඇත.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය ඇන්ඩ්‍රේ රසල් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය වීමට ඉඩ තිබේ.

මීට අමතරව නැම්බියානු කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ඩේවිඩ් වීසා, නෙදර්ලන්ත නෙදර්ලන්ත් සීබ්‍රාන්ඩ් එන්ගල්බ්‍රෑක්ට් සහ උගන්ඩා කණ්ඩායමේ නායක බ්‍රයන් මසාබා මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.

BBC News