සමගි ජන බලවේගයේ අපේක්ෂක වැසිකිලි බටය පහල නිවසට දාලා. ගුටි පූජාවකින් රෝහලේ.

0

සමගි ජන බලවේගයේ අපේක්ෂක

පළාත් පාලන මැතිවරණයට නුවරඑළිය මහ නගර සභාවට තරඟ වදින නුවරඑළිය සමගි ජන බලවේගයේ අපේක්ෂක අබ්දුල් රහීම් නම් පුද්ගලයගේ වැසිකිලි බටය පහල නිවසකට බාධා වන ලෙස ස්ථානගත කලේ යයි අසල්වැසියන් පිරිසක් විසින් පහර දී ඇත.

පහරකෑමට ලක්වූ නුවරඑළිය මහ නගර සභාවට සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු හැටියට තරග වදින නුවරඑළිය තරුණ මුස්ලිම් සංගමයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයා ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නුවරඑළිය ආසන සංවිධායකවරයාද වන ගී අබ්දුල් රහීම් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පහරදීම හා සම්බන්ධව රෝහල් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.

පහරදීමට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ මහ නගර සභා ස.ජ.බ  අපේක්ෂකයාගේ නිවසේ වැසිකිලි බටය යාබද නිවසකට ගලා බසින පරිද්දෙන් යොදවා තැබීම හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය සඳහන් කරයි .

ඔහුගේ දේශපාලන තත්ත්වය තත්වය පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දීමට කරුණු නොදන්නා බවත් අබ්දුල් රහීම්  නම් පුද්ගලයා වැසිකිලි බටයක් හා සම්බන්ධව ආරවුලකදී අසල්වැසියෙක් ගේ පහරකෑමට ලක්ව රෝහල්ගතව සිටින බව පමණක් තොරතුරක් වශයෙන් ලබා දිය හැකි බවත් නුවරඑළියෙ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් අනාවරණය කරයි