අධිකරණ වාරන නියෝගයෙන් පසු සමගි ජන බලවේගයේ පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 ට නම් කල අය මෙන්න

0
ජාතික ලැයිස්තු මන්ත්‍රී

සමගි ජන බලවේගයේ පුරප්පාඩු වී තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර තිබේ.

ඒ අනුව මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය ඊට ඇතුළත් ය.

අධිකරනයෙන් වාරණ නියෝගයක්


සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පුරප්පාඩු පිරවීමට නම් යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමිනි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා සමගි ජන බලවේග ජාතික ලයිස්තුවෙන් නම් කරන ලෙස එම පක්‍ෂය ඉල්ලයි.