මැතිවරණ උණුසුම ආරම්භයේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවුලේ ඥාතීන් සටන් බිමට කැඳවයි

0
සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නව දිස්ත්‍රික් සංවිධායකයකු පත් කර තිබේ. ඒ කොළඹ දිස්ත්‍රික්කය උදෙසායි. නුදුරේදීම එම සංවිධායකවරයාට බටහිර කොළඹ සංවිධායක කම ලබා දීමට සැලසුම් කර ඇති බවද සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. අදාල පත්වීම ලද සංවිධායකවරයා වන්නේ නීතීඥ නුවන් ද සිල්වායි ඔහු හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සොහොයුරාගේ දුවගේ ස්වාමිපුරුශයා බවට විශ්වාසදායක ආරංචිමාර්ග තහවුරු කරනවා.

පවුල් පාලනය සම්බන්ධව සමාජයේ අප්‍රසාදය යොමුව ඇති යුගයක මෙන්ම අදාල ක්‍රියාවන් ගැන විපක්ෂයේ දැඩි විවේචන එල්ලවන මොහොතක වුවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වරයා විසින් දිගින් දිගටම තම ඥාතීන් සහ හිතවතුන් දිගින් දිගටම තම පක්ෂයේ තනතුරු සඳහා ස්ථානගතකිරීම් සිදු කිරීම් වාර්ථා වූයේ පළමු වතාවට නොවේ.

සජිත් ප්‍රේමදාස

මින් පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටීම ලැජ්ජා සහගත කලකිරීම් සහගත දෙයක් බව පවසමින් ඉල්ලා අස්වී විදෙස් රටක පවුල සමග පදිංචියට ගිය චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගෙන් හිස්වූ අසුන සඳහාද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳගේ සොහොයුරෙක් වන නයන වාසලතිලක පත්වූ අතර. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් එම පාර්ලිමේන්තු අසුන මිලියන 90 කට අලෙවි වූ බවටද චෝදනා කෙරුනා.

බටහිර කොළඹ මෙන්ම තවත් කොළඹ දිස්ත්‍රික් ආසනයක් සඳහාද නුදුරේදීම තවත් පවුලේ ඥාතියෙක් පත්කිරීමට සූදානම් බවටද News Web අප වෙත වාර්ථා වනවා. එය කෝට්ටේ ආසනය සඳහා වනු ඇති බවටයි වැඩිදුරටත් එම ආරංචිමාර්ග සනාත කරන්නේ.