මූල්‍ය අර්බුදයට මුහුණදෙන්න බැරිනම් ආණ්ඩුව ගෙදර යන්න

0
Harsha de silva - මූල්‍ය අර්බුදයට මුහුණදෙන්න බැරිනම් ආණ්ඩුව ගෙදර යන්න
රටේ මූල්‍ය අර්බුදය දිනෙන් දින උග්‍ර වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්යය හර්ෂද සිල්වා මහතා අවධාරණය කරනවා.

විදේශ සංචිත ප්‍රමාණයද මේවනවිට සීග්‍රයෙන් පහත වැටී ඇති තත්වයක් තුළ එම අර්බුදය වසන් කිරීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින බවටයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා චෝදනා කර සිටියේ.

මහබැංකුව විසින් සතිපතා නිකුත් කරන මූල්‍ය වාර්තාවට මෙවර විදේශ සංචිත ප්‍රමාණය පිළීබද කරුණු ඇතුළත් කර නොමැති බවද හර්ෂද සිල්වා මහතා පෙන්වා දුන්නා.

පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළයන බවද හර්ෂද සිල්වා මහතා සදහන් කළා.

තවදුරටත් මෙම අර්බුදය කළමණාකරනය කිරීමට නොහැකිනම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.

(newsradio.lk වෙබ් අඩවිය ඇසුරිනි)