සජබ පළමු ජන රැළියට කුරුණෑගල සත්‍යවාදී පිටියට ජන ගඟක් ගලයි

0
Samagi Jana Balawegaya - සජබ පළමු ජන රැළියට කුරුණෑගල සත්‍යවාදී පිටියට ජන ගඟක් ගලයි

සමගි ජන බලවේගය සංවිධානය කළ පළමු ජන රැළිය විශාල ජනතා සහභාගීත්වයකින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී ඊයේ පැවැත්විණ.

ජන හමුවට ආ පිරිසෙන් කුරුණෑගල සත්‍යවාදී පිටිය අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගියහ.

පක්ෂ මහගේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා, මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල් අමරසේන, ජේ. සී අලවතුවල, අශෝක් අබේසිංහ, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.