සංගා ICC විශිෂ්ඨයන්ගේ නාමාවලියට

0
Kumar sangakkara - සංගා ICC විශිෂ්ඨයන්ගේ නාමාවලියට
අයි සී සී විශිෂ්ඨයන්ගේ නාමාවලියට ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රීඩක කුමාර් සංගක්කාරද ඇතුළත් කර තිබෙනවා.

එම තත්වයට පත්වූ දෙවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහු වන අතර මීට පෙර එම අවස්ථාව උදාකරගෙන තිබුණේ මුත්තයියා මුරලිදරන් පමණයි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප කිරීම් කල විශිෂ්ඨයන් 10 දෙනෙකු අයි සී සී ය විසින් ඊයේ නම් කල අතර සංගක්කාරද ඊට ඇතුළත්.

ටෙස්ට් තරග 134 කට ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාර රැස් කර ඇති ළකුණු සංඛ්‍යාව 12 400 ක්. ටෙස්ට් ශතක 38 ක් සහ අර්ධ ශතක 52 ක් ද ඔහු විසින් රැස්කර ගෙන තිබෙනවා.