ශම්මි සිල්වා කාටත් හොරා ICC එකට ලියපු ලිපිය භාරත එලියට දායි. සජිත් එය සභාගත කරයි.

0
ශම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් අයිසීසී සභාපතිවරයාට පසුගිය අගෝස්තු 28 වැනිදා යොමුකළ ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්  පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබීය.

ප්‍රධාන කරුණු 05කින් සමන්විත එම ලිපිය මගින් පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අවස්ථා කිහිපයකදී ක්‍රීඩා අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා විසින් දේශපාලන මැදිහත්වීම් සිදුකළ බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුවන දේශපාලන මැදිහත්වීම් සිදුවන බව පවසමින් පසුගිය 10 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතට ජාත්‍යන්තර ක්‍රිකට් අත්හිටුවීමක් පනවනු ලැබිණි.

කෙසේවෙතත් ඊට පසු දින CRICINFO වෙබ් අඩවිය වාර්තා කරනු ලැබුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුවන දේශපාලනික මැදිහත්වීම් වැළැක්විමට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි.

එවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ මහතාට පසුගිය අගෝස්තු 28 වැනිදා යොමුකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන දේශපාලන මැදිහත්වීම සම්බන්ධයෙන් වන ලිපියක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සභාගත කරනු ලැබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන දේශපාලන මැදිහත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත කරුණු දැක්වූ දෙවැනි අවස්ථාව මෙය බවද එම ලිපිය මගින් පෙන්වාදී තිබේ.

එමෙන්ම එම ලිපියේ පිටපත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ.ෂා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා යන මහත්වරුන් ඇතුළු රටවල් 12ක ක්‍රිකට් පරිපාලනයන් වෙත යොමුකර ඇත.

භාරත තෙන්නකෝන් විසින් පලමුව සමාජ මාධ්‍යට එක් කල එම සම්පූර්ණ ලිපිය පහතින්
ශම්මි සිල්වා
ශම්මි සිල්වා
ශම්මි සිල්වා