පළමු එක්දින තරගයේ ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ උසස්වීම

0
Icc World Cup Super League Place of Sri Lanka - පළමු එක්දින තරගයේ ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ උසස්වීම
දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14ක විශිෂ්ට ජයක් හිමිවුණා. ඒ අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත් වුවා.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ද ICC එක්දින සුපර් ලීග් තරගාවලියේ පළමු කණ්ඩායම් 08 අතර ප්‍රවේශ වීමට හැකියාව ලැබී තිබෙනවා.

කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.

ඒ් අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කර ගැනීමට සමත්වුණා. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ 03වන ශතකය වාර්තා කිරීමට සමත් වුණා. එහිදී අවිශ්ක ලකුණු 118ක් ලබා ගනු ලැබුවා..

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 286ක් පමණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරෙන් අකිල ධනංජය කඩුලු 02ක්, චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම සහ වනිදු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.