
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වසරේ විශිෂ්ඨතම විස්සයි විස්ස ක්‍රීඩකයා සඳහා වන නිර්දේශ නාම අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා වන වනිඳු හසරංගගේ නමත් ඇතුලත් වී තිබෙනවා.
වනිඳු පසුගිය තරග වාරය තුලදී තරග 20කදී කඩුලු 36ක් දවා ගැනීමට සමත්වී ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුලදී ලබාගත් කඩුලු ත්‍රිත්වයක් ද සමගින්.
මේ හැරුණු විට වනිඳුගේ පිත්තෙන් ලකුණු 196ක් වාර්තාවී ඇති අතර එයට එක් අර්ධ ශතකයක් ද ඇතුලත්.
වනිඳු සමග කරට කර සිටින අනෙක් ක්‍රීඩකයින් වන්නේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මිශෙල් මාර්ෂ්, පකිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් රිස්වාන් සහ එංගලන්ත කණ්ඩායමේ ජොස් බට්ලර් යන තිදෙනායි.
මොවුන් අතරින් මොහොමඩ් රිස්වාන් සහ ජොස් බට්ලර් දෙදෙනාම කඩුලු රකින්නන්.
මොහොමඩ් රිස්වාන් ගෙවී ගිය වසරේදී පිත්තෙන් ලකුණු 1326ක් රැස් කරගෙන ඇති අතර කඩුල්ල පසුපස සිටිමින් දවා ගැනීම් 24කට දායක වී තිබෙනවා.
ජොස් බට්ලර් තරග 14කදී ලකුණු 589ක් රැස් කරගෙන ඇත්තේ එක් ටී 20 ශතකයක් ද සමගින්.
ඔහු කඩුල්ල පසුපස සිටිමින් දවා ගැනීම් 13කට දායක වී තිබෙනවා. ඔස්ට්‍රේලියා මද වේග පන්දු යවන ක්‍රීඩක මිශෙල් මාර්ෂ් ගෙවීගිය වසරේදී තරග 27කට එක්වී ලකුණු 627ක් රැස් කරගෙන ඇති අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 8ක්.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල හොඳම ක්‍රීඩකයින් නාමකරණයේ නිර්දේශ ලැයිස්තු දෙකකට පිවිසෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්වී තිබෙනවා.
ඊයේ ප්‍රකාශයට පත්වූ වසරේ විශිෂ්ඨතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශ නාමයන්ට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නම් කෙරුණා.