දිමුත් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වේ

0
Dimuth Nominated for Test Player of the Year - දිමුත් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වේ

අයි සී සී වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ද නිර්දේශ වී තිබෙනවා.

ඒ සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ කයිල් ජැමීසන්, රවිචන්ද්‍රන් අශ්වින් සහ ජෝ රූට්.

සෑම වසරකම අයි.සී.සී ය විසින් පිරිනමන මෙම සම්මානය මීට පෙර ලබාගත් එක ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්කාර පමණයි.

ඔහු 2012 වසරේ දී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තා.