යුක්තියට 50 යි. දේශබන්දු ට 25 යි.

0
යුක්තිය දේශබන්දු

යුක්තිය මෙහෙයුම ආරම්භ කර අදට දින 50 ක් පසුවන බව පොලීසිය පවසනවා.

යුක්තිය මෙහෙයුම යටතේ 2023.12.17 වන දින සිට දින 50 ක කාලයක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 49,558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 6,983 ක් සමගින් මුළු සැකකරුවන් 56,541 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 දෙනා අතරින් සැකකරුවන් 1,817 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවත්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,981 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති බවත් පොලීසිය සදහන් කරනවා.

කෙසේ වෙතත් මේ වන විට මාස තුනකට කාලයක් සඳහා වැඩබල පොලිස්පතිවරයා ලෙස පත්ව තිබෙන දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල කාලය එළැඹෙන 29 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමට තවත් ඉතිරිව ඇත්තේ දින 25 ක කාලයක් පමණයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය නොවැම්බර් 29 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා.