ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳ වැඩිවී ක‍්‍රිකට් ආයතනයේ ෆේස්බුක් ගිණුමට පාඨක ප්‍රතිචාර දැක්වීම අත්හිටුවයි

0
ක‍්‍රිකට් ආයතනයේ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල ෆේස්බුක් ගිණුමට පාඨක ප්‍රතිචාර දැක්වීම අත්හිටුවා තිබේ.

සිම්බාබේ සමග පැවැත්වෙන අවසන් එක්දින තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දෙන බවට පළ කළ දැන්වීමට පේක්ෂකයන් විසින් දක්වා ඇති ප්‍රතිචාරත් සමඟ මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

අදාල දැන්වීමට ප්‍රතිචාර දක්වමින් ප්‍රේක්ෂකයන් දැඩි ලෙස ක්‍රිකට් ආයතනය හා කණ්ඩායම විවේචනයට ලක් කරමින් තිබින.