රත්තරන් ජෙල් ද්‍රාවණයක් ගුද මාර්ගයේ

0
රත්තරන් ජෙල් ද්‍රාවණයක්

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් ජෙල් ද්‍රාවණයක් අඩංගු කරල් 03 ක් සිය සිරුරේ ගුද මාර්ගයේ සගවා ගෙන පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. මෙහිදී සොයා ගත් රත්තරන් ජෙල් ද්‍රාවණයේ රත්තරන් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 280 අඩංගුව තිබූ බවයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ මුම්බායි වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි  ත්‍රීරෝද රථ රියැදුරුවරයෙකුයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරැදු 29ක් වන  කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට පැමිණි මොහු පිළිබඳ ඇති වූ සැකය මත කළ එක්ස් කිරණ පරීක්ෂාවකදී සිරැර අභ්‍යන්තරයේ සගවා ගෙන සිටි මෙම කරල් 03 සොයා ගැනුණා.

මෙලෙස රත්තරන් ජෙල් ද්‍රාවණය ඝන රත්තරන් බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණය දැනට කළාපීය වශයෙන් පවතින්නේ ඉන්දියාවේ පමණයි.