හොර දොස්තරලාම හය දෙනෙක් මේ පාර්ලිමේන්තුව හොර සහතික ගුහාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම හෙළිකරයි

0
හොර දොස්තරලා

වත්මන් පාර්ලිමේන්තුව තුළ තම අධ්‍යාපන සුදුසුකම් වංචනික ලෙස ඉදිරිපත් කළ පිරිස බර ගණනක් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ආරංචි ලැබෙන ආකාරයට හොර දොස්තරලාම හය දෙනෙකු සිටින බවද ඔහු පැවසීය.

‘දැන් මේ රජයේ බලයට ආවේ නූගත් මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් වෙනුවට උගත් මිනිස්සු බලයට අරන් එනවා කියලා.

ලැයිස්තුවක් ප්‍රචාරය කරලා කිව්වා මේ අය නොම්මර එකේ උගත් මිනිස්සු මාර වැඩ කාරයෝ ඉස්සර හිටපු සෙට් එක වගේ නෙමෙයි කියලා.

කොහොමද වැඩේ කතානායකතුමාටම බීඑස්සී උපාධියක් නෑ. ආචාර්ය උපාධියත් නෑ.. එන්ඩීටී එකත් තියෙනවද කියලා සැකයි.

බොරුවෙන්ම ජීවත් වෙච්ච අය. මේ වගේ බර ගාණක් ඉන්නවා දැන් පේන විදිහට. හොර දොස්තරලම හයක් විතර ඉන්නවා’

ඉංජිනේරුවෙකු ලෙස ප්‍රචාරය කළ මන්ත්‍රී කෝසල නුවන් ජයවිර ඩිප්ලෝමාධාරීයෙක් වෙයි

කෝසල නුවන් ජයවිර

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල චෝදනා එල්ල වෙයි.

මහ මැතිවරණ ප්‍රචාරක කාලසීමාවේදී තමන් ඉංජිනේරුවෙකු ලෙස ප්‍රචාරය කළ ද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධ්‍යාපන සුදුසුකම ඩිප්ලෝමාධාරියකු වශයෙන් හා වෘත්තිය සුදුසුකම් ලෙස සහකාර ඉංජිනේරුවෙකු ලෙස දක්වා ඇතැයි ද එමඟින් කියයි.

කෝසල නුවන් ජයවිර

නියෝජ්‍ය කතානායක සහ නිවාස අමාත්‍යවරයාගේද අද්‍යාපන සුදුසුකම් සම්බන්ධවද සමාජයේ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර එම අනාවරණයන් මෙතනින්

ඉන්ජිනේරුවෙක් ලෙස සඳහන් කරන බලශක්ති අමාත්‍යවරයාද ඉන්ජිනේරු ශිෂ්‍යයෙක් පමණයි. හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දෙශප්‍රිය සිදුකල අණාවරණය මෙතනින්

නියොජ්‍ය කතානායකතුමා තමන් ගේ නියම අද්‍යාපන සුදුසුකම් හා සම්බන්ධව දිදුකල අනාවරණය මෙතනින්