බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉංජිනේරුවෙකු යයි ව්‍යාජ ලෙස පෙනී සිටින බවට සමාජ මාධ්‍යවල එල්ල වන චෝදනා කිසිදු සත්‍යතාවක් නැතැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවට දුන් තොරතුරුවල සඳහන් වන්නේ තමන් ඉංජිනේරු උපාධි අපේක්ෂකයකු (engineering undergraduate) ලෙස බවයි.
ඒ අනුව ඇමතිවරයා අසත්‍යයක් ප්‍රකාශ කළ බවට චෝදනා කිරීම නිවැරදි නොවන බව ද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියා.
කෙසේ නමුත් කුමාර ජයකොඩි මහතා ජාතික ජනබලවේගයේ වේදිකාවල, රූපවාහිනී වැඩසටහන් , ගුවන් විදුලි වැඩසටහන් , සමාජ මාධ්‍ය වල ඉන්ජිනේරු කුමාර ජයකොඩි ලෙස භාවිතා කල අතර මේ වනතුරුත් විදුලිබල අමාත්‍යංශයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඉංජිනේරු කුමාර ජයකොඩි ලෙසිනි