නියෝජ්‍ය කතානායක රිස්වි සාලි තමන් විශේෂඥ වෛද්‍යවරයෙක් නොවන බව පිලිගනියි

0
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා තම අධ්‍යාපන සුදුසුකම් ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

තම සමාජ ජාලයට එම තොරතුරු මුදා හරිමින් ඔහු පවසන්නේ නායකත්වය කෙරෙහි විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට තමන් තරයේ විශ්වාස කරන බවය.

ඒ අනුව වෘත්තීය සුදුසුකම් විවෘතව බෙදා ගැනීමට මෙම සටහන තබන බවත් හෙතෙම කියයි.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි

කෙසේ වෙතත් මැතිවරණ කාලසීමාව පුරාම එතුමා විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි ලෙස තම ප්‍රචාරක ව්‍යාපාර වල නිරත වූ අතර ජාතික ජනබලවේගයේ සියලුම ප්‍රචාරන රැස්වීම් සහ සමාජ මාධ්‍ය තුල විශේෂඥ වෛද්‍ය රිස්වි සාලි යන නාමයෙන් යුක්තව ඔහුව හැඳින්වීමට කටයුතු කර තිබුණි

පසුගිය දින කිහිපය තුල සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ලවූයේ එතුමන් වෛද්‍යවරයකුව සිටිමින් විශේෂඥ වෛද්‍යවරයකු ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීම සම්බන්ධවයි