කතානායක අසෝක රන්වල මෙන්ම නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි යන අය විසින් පෙන්වන ලද අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද, බරපතල ගැටළු මතුව ඇත.
ජාතික ජනබලවේගයේ ප්‍රබලයෙකු වන අනුර කරුණාතිලක මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. ඔහු ආචාර්ය උපාධියක් ලබා ඇති බවට ප්‍රචාරය කෙරුණ ද, ඔහු තවමත් එම උපාධිය සම්පූර්ණ කර නොමැති බවට තොරතුරු ලැබී ඇත.
වසර ගණනාවක් තිස්සේ ඔහු ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට උත්සාහ කළ ද, එය අසාර්ථක වී ඇති බව වාර්තා වේ. ඔහුගේම ශිෂ්‍යයන් ආචාර්ය උපාධි ලබා ඇති අතර, ඔහු තවමත් එම ඉලක්කය කරා ළඟා වී නොමැති බව වාර්තා වේ.
ජාතික ජනබලවේගය ඔහුව “ආචාර්ය අනුර කරුණාතිලක” ලෙස හඳුන්වමින් ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ ආචාර්ය උපාධිය පිළිබඳව සැක පහළ වී තිබේ. ජාතික ජන බලවේගයේ ප්‍රබලතමයන් විසින් තම සමාජ මාධ්‍ය ගිණුම්වල ද, මෙම ‘ආචාර්ය අනුර කරුණාතිලක’ ලෙස සඳහන් කරමින් ප්‍රචාරය කර තිබේ.
මේ අතර, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි ද, විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටින නමුත්, ඔහු සාමාන්‍ය වෛද්‍යවරයෙකු පමණක් බවට පැවසේ.
ඔහු දීර්ඝ කාලයක් පෞද්ගලික රෝහලක බාහිර රෝගී අංශයේ සේවය කර ඇති අතර, විශේෂඥ වෛද්‍යවරයකුගේ සහයකයෙකු ලෙස ද කටයුතු කර ඇත.
ජාතික ජනබලවේගය ඔහුව විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ප්‍රචාරය කළ ද, එය සත්‍යයක් නොවන බවට තොරතුරු ලැබී ඇත.
මෙම තොරතුරු සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රතිචාර ලබා ගැනීමට උත්සාහ කළ ද, එය මෙතෙක් සාර්ථක වී නොමැත.
කතානායක අශෝක සපුමල් රන්වල ඉල්ලා අස් විය යුතු යැයි 92% ක් ඉල්ලයි
තමන් විසින් දක්වන ලද අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ ඒවා බව ඔප්පු වුවහොත් කතානායක අශෝක රන්වල ඉල්ලා අස්විය යුතු ද? යන්න විමසමින් ඩේලි මිරර් විසින් ජන මත විමසුමක් සිදු කරමින් සිටියි.
මේ වන විට එහි ප්‍රතිඵල අනුව, 92% ක ප්‍රමාණයක් පවසන්නේ, තමන්ගේ මූලික උපාධිය සහ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සාවද්‍ය ලෙස කරුණු දක්වා ඇත්නම් කතානායක අශෝක රන්වල වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් විය යුතු බව ය.
අශෝක සපුමල් රන්වල ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝකාලීන වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් වන අතර, ඔහු පසුගිය පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේග ලැයිස්තුවෙන් තරග කොට මනාප 109,000 කට වැඩි ප්‍රමාණයක් ලබමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. කෙසේවෙතත්, ඔහු විසින් ආචාර්ය උපාධිය ලබා ගත් පුද්ගලයෙකු බව හඟවමින් තම මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කළ අතර, දැන් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන්නේ එම තොරතුරු සාවද්‍ය බව කිහිපදෙනෙකු විසින් ම කරුණු දැක්වීම හේතුවෙනි. කෙසේවෙතත්, ජාතික ජන බලවේග රජය හෝ අශෝක රන්වල විසින් ඔහු විසින් දක්වන ලද අධ්‍යාපන සුදුසුකම් නිවැරදි බවට සනාථ වන කිසිදු සාධකයක් මෙතෙක් ඉදිරිපත් කොට නොමැත.
නිවාස ඇමති වෙබ් අඩවියෙන් ආචාර්‍ය පට්ටම ගලවාගෙන
කතානායකවරයා මෙන්ම තමන්ට ද ආචාර්ය උපාධියක් ඇතැයි අනුර කරුණාතිලක අමාත්‍යවරයා පසුගිය වසර පහකට වැඩි කාලයක් පෙනී සිට ඇත.
මැතිවරණ සමය පුරා ඔහු ‘ආචාර්ය’ නාමයෙන් පුවත්පත් සාකච්ඡා, සම්මන්ත්‍රණ, ජනමාධ්‍ය වැඩසටහන් සඳහා පෙනී සිට ඇත.
ඔහුට දර්ශන විශාරද (ආචාර්ය) උපාධියක් නොමැති බව සමාජ මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසුව ඔහුගේ හොර ‘මහාචාර්ය පට්ටම‘ ගලවා ගෙන ඇත.