දිනකදී නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ ගණන – මාස තුනේ බිළිඳියෙකුත් ඒ අතර

0

ඊයේ(10) රාත්‍රී වන විට මෙරටින් තවත් කොවිඩ් 19 රෝගීන් 992 ක් වාර්තා වීමත් සමඟ දෛනික රෝගීන් ගණන 2573ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් කොරෝනා මරණ 26ක් ඊයේ(10) වාර්තා වී තිබෙනවා .

එය මෙරටදී දිනකදී නිවේදනය කළ වැඩිම කොවිඩ් මරණ ගණන වේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගියගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අතර මාස 3ක් වයසැති බිළිඳියක් වනවා.

ඇය මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/