කොරෝනා ආසාදනය වූ ගර්භනී කාන්තාවන් 130 ක් රෝහලේ

0
Pregnacy - පැතිරයන වෛරස ප්‍රභේද

කොරෝනා ආසාදනය වූ ගර්භනී කාන්තාවන් 130 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ, ඒ අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවය.

ආසාදිත ගර්භනී මව්වරුන්ගෙන් වැඩි පිරිස මුල්ලේරියාව, නෙවිල් ප්‍රනාන්දු සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව ඇය ප්‍රකාශ කළා ය.

විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ගර්භනී මව්වරුන්ට දැනුම් දෙන්නේ, හැකිතාත් නිවෙස්වලට වී සිට කොරෝනා ව්‍යාප්තිය පාලනයට දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසය.